කාර්‍යභාරය


ඌව පළාත තුළ කෘෂිකාර්මික ව්‍යාප්ති වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම මගින් , ඌව පළාතේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම පිණිස මනා සම්බන්ධීකරණයක් මෙන්ම, මනා කළමනාකරණයක් පවත්වා ගනිමින්, උචිත තාක්ෂණික ක්‍රමවේදයන් හදුන්වා දී කෘෂිකර්ම සංවර්ධනය ඉහළ තලයකට ගෙන ඒමෙන් ගොවිජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා දායකත්වය සැපයීම.

එමෙන්ම,

  • කෘෂිකර්මයට සම්බන්ධ අණපනත් ක්‍රියාත්මක කිරීම හා අවශ්‍ය නිර්දේශ ලබා දීම
  • පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා ඌව පළාත් සභාවෙන් ලැබෙන විවිධ ප්‍රතිපාදන, කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රතිපාදන, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය හා කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙනත් ආයතන මඟින් කෘෂිකර්මික සංවර්ධනය සඳහා ලැබෙන මුදල් ප්‍රතිපාදන කළමණාකරනය කරමින් පළාතේ කෘෂිකාර්මික සංවර්ධනයට යෙදවීම.
  • පළාතේ ගොවීන්, රාජ්‍ය නිලධාරීන් පාසල් සිසුන් සඳහා කෘෂි තාක්ෂනික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් දැනුවත් කිරීම
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තු, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය හා කෘෂිකර්ම අමාත්‍යංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා කෘෂිකර්ම ව්‍යාපෘති හා සහ සම්බන්ධ වී විවිධ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පර්යේෂණ අංශ වලින් ලබා දෙන තොරතුරු ගොවීන් වෙත ගෙන යෑම.
  • පළාත්බද කෘෂිකාර්මික පර්යේෂණ සිදු කිරීම.
  • ගොවි ක්ෂේත්‍රවල කෘෂි තාක්ෂණික ගැටලු සඳහා පිලියම් යෙදීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම.
  • ගොවි ක්ෂේත්‍රවල කෘෂි තාක්ෂණික ගැටලු පර්යේෂන අංශය වෙත යොමු කිරිම.
  • කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • පළිබෝධනාශක අව භාවිතය අවම කිරීම. 
  • නව ගොවිපල ඇති කිරීමේදී ඒ සඳහා නිර්දේශ ලබා දීම.
  • කුඹුරු ඉඩම් වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමේදී අවශ්‍ය නිර්දේශ ලබාදීම.
  • වගා හානි තක්සේරු කිරීම.
  • යහපත් කෘෂිකාර්මික ක්‍රියා පිළිවෙත්(GAP) අනුගමනය කිරිමට ගොවින් යොමු කිරිම.